ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ නිලධාරීන් සඳහා පවත්වනු ලබන නිවාරණ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2025 ජනවාරී මස 24 වන දින රත්මලානෙහි පිහිටි ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි සම්පත් ආරච්චිගේ මහතා සහ මධුකා රුවන්ති මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් සුපිළිපන්නභාවය යන සංකල්පය, රාජ්‍ය නිලධාරියාගේ කාර්යක්ෂමතාවය ,සඵලදායී බව සහ රාජ්‍ය නිලධාරියාගේ වගකීම, වගවීම පිළිබඳවත්, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන හා ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.