Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ මහවැලි පුනරුද සතියෙහි පළමු දිනය අල්ලස හා දූෂණ නිවාරණ වැඩසටහන වෙනුවෙන් වෙන් විය

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි එච් කලාපයේ සියලු රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි ආයතන ප්‍රධානින් හා රාජ්‍ය නිලධාරින් 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ “පොහොසත් රටක්- ලස්සන ජිවිතයක්” තේමා කරගත් මහවැලි පුනරුද සතියෙහි පළමු දිනය 2025.01.27 වන දින තඹුත්තේගම ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී අල්ලස හා දුෂණය පිළිබඳව දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් මගින් ආරම්භ කෙරිණි. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී උදේශිකා ජයසේකර මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරි ශම්මි ශ්‍රීලාල් මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

 news08 1

 news08 1

 news08 1

 news08 1

 news08 1

 news08 1

 news08 1

 news08 1

 news08 1

 news08 1

 news08 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search