ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවයේ නියුතු නිලධාරීන් 71 දෙනෙකු උදෙසා අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා වූ එක් දින පුහුණු වැඩසටහනක් 2025.01.24 දින ඇහැළියගොඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පරිශ්‍රයේදී පැවැත්වූ අතර මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී උදේශිකා ජයසේකර මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරි ශම්මි ශ්‍රීලාල් මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.