අල්ලස හා දූෂණය තුරන් කර සුපිළිපන්න දේශයක් නිර්මාණය කිරීම පරමාර්ථ කොටගෙන පෞද්ගලික අංශය සඳහා 2025 නව වසරේ පැවති පළමු නිවාරණ වැඩසටහන 2025.01.16 වන දින බෝගල ග්‍රැෆයිට් ලංකා පීඑල්සී සමාගමේ විධායක නිලධාරීන් සඳහා එම ආයතන පරිශ්‍රයේ දී පැවැත් වුණි. මෙම වැඩසටහන සඳහා එම ආයතනයේ සාමාන්‍යාධිකාරීතුමන් ඇතුළු විධායක නිලධාරීන් 37 ක පමණ ප්‍රමාණයක් සහභාගී විය.
වැඩසටහන සඳහා සම්පත්දායකදායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය සහ උදේශිකා මධුභාෂණී මහත්මිය විසින් ලබාදුනි.