ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දුෂණය තුරන් කිරීමේ මුඛ්‍ය අරමුණ යටතේ මෙරට රාජ්‍ය ආයතනයන්හි පවතින අල්ලස් හා දුෂණ, අකටයුතුකම් තුරන් කරමින් සුපිළිපන්න රාජ්‍ය සේවයක් උදෙසා රාජ්‍ය නිලධාරීන් බලගන්වනු වස් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024-12-12 වන දින පහලගම පොලිස් අභ්‍යාස විද්‍යාලයදී පොලිස් නිලධාරීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සදහා නිවාරණ වැඩමුලුවක් පවත්වන ලදී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිවාරණ අංශයේ දුෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්‍රී ලාල් මහතා සහ දුෂණ නිවාරණ නිලධාරී එරංගා මදුශි මිය වැඩමුලුවේ දේශනයන් සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.