ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ නිලධාරීන් සඳහා වන අල්ලස හා දුෂණය පිළිබඳ වන නිවාරණ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගිය මැයි මස 23 වන දින සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා එම ආයතයේ නිලධාරීන් 40ක පමණ ප්‍රමාණයක් සහභාගී වීය.
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ නිලධාරීන් සඳහා වන අල්ලස හා දුෂණය පිළිබඳ වන නිවාරණ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගිය මැයි මස 23 වන දින සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා එම ආයතයේ නිලධාරීන් 40ක පමණ ප්‍රමාණයක් සහභාගී වීය.
ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ පරමාර්ථයෙන් ස්වකීය කාර්යයන් ඉටු කරන පුරෝගාමී රාජ්‍ය ආයතනයක් වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් සඳහා ද පසුගිය මැයි මස 08 වන දින අල්ලස හා දූෂණය පිළිබඳ නිවාරණ වැඩසටහනක් පැවැත් වුණි. මහනුවර පිහිටි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයේ දී මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වුණි.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සබරගමු පළාත් නිලධාරින් 1400ක් ආවරණය වන පරිදි සංවිධානය කරන ලද අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළු මාලාවෙහි සිව්වන දිනය 2025 මැයි මස 22වන දින මෙනේරිපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථාන දේශන ශාලාවේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ සබරගමු පළාත් නිලධාරින් 120 දෙනෙකු පමණ සහභාගී විය.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සබරගමු පළාත් නිලධාරින් 1400ක් ආවරණය වන පරිදි සංවිධානය කරන ලද අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළු මාලාවෙහි තෙවන දිනය 2025 මැයි මස 21වන දින මෙනේරිපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථාන දේශන ශාලාවේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ සබරගමු පළාත් නිලධාරින් 110 දෙනෙකු පමණ සහභාගී විය.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරින් සඳහා අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළුවක් 2025 මැයි මස 20වන දින අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ නිට්ටඹුව ප්‍රාදේශීය කාර්යාලයීය දේශන ශාලාවේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා එම ශාඛාවේ සියලුම නිලධාරින් සහභාගී විය.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් සඳහා අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළුවක් 2025 අප්‍රේල් මස 29වන දින ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ අවිස්සාවෙල්ල ප්‍රාදේශීය කාර්යාලයිය දේශන ශාලාවේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ අවිස්සාවේල්ල ශාඛාවේ විදුලි ඉංජිනේරු ඇතුලු නිලධාරින් 80 දෙනෙකු පමණ සහභාගී විය.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරින් සඳහා අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළුවක් 2025 අප්‍රේල් මස 30 දින ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිට්ටඹුවේ පිහිටා ඇති ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයිය දේශනා ශාලාවේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංගම ගම්පහ ප්‍රාදේශිකයේ හා එයට අයත් ඩිපෝ 09 හි නිලධාරින් 40 දෙනෙකු සහභාගී විය.
ටොයොටා ලංකා පුද්ගලික සමාගමෙහි නිලධාරීන් සඳහා අල්ලස් හා දූෂණ නිවාරණය වැඩසටහනක්, 2025 අප්‍රේල් මස 25 වන දින ටොයොටා ලංකා පුද්ගලික සමාගමෙහි ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. ඒ සඳහා නිලධාරීන් 60 දෙනෙකු සහභාගි වූ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ටොයෝටා සමාගමෙහි දිවයින පුරා පවතින ශාඛාවන්හි නිලධාරින් ද මේ සඳහා සහභාගී විය.
නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහනක්, නාගොඩ ප්‍රාදේශීය ලේකම්තුමියගේ ආරාධනයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්ව පවත්වනු ලැබීය. මෙම වැඩසටහන 2025 අප්‍රේල් මස 10 වන දින නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එයට නිලධාරීන් 210 කට ආසන්න පිරිසක් සහභාගි විය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි මහඔය රඹකැන්ඔය කලාපයේ සේවයේ නියුතු නිලධාරින් 87 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් 2025.03.26 වන දින අල්ලස හා දූෂණය සම්බන්ධ දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් අති සාර්ථකව නිමා විය. රඹකැන්ඔය කලාපයේ මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේ දී අල්ලස හා දුෂණය පිළිබඳව දැනුවත් කිරීමේ මෙම නිවාරණ වැඩසටහන පැවැත්වුණි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි දඹුල්ල හුරුළුවැව කලාපයේ සේවයේ නියුතු නිලධාරින් 122 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් 2025.03.25 වන දින අල්ලස හා දූෂණය සම්බන්ධ දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් අති සාර්ථකව නිමා විය. හුරුළුවැව කලාපයේ මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේ දී අල්ලස හා දුෂණය පිළිබඳව දැනුවත් කිරීමේ මෙම නිවාරණ වැඩසටහන පැවැත්වුණි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර නියාමක තනතුරට බඳවාගත් නිලධාරින් සඳහා තනතුරට අදාළ 104 A ආධුනික නියාමක පුහුණු කණ්ඩායම ලෙස ආරම්භ කරන ලද නේවාසික පුහුණු පාඨමාලාව මාස තුනක කාලයක් සඳහා 2025 ජනවාරි මස 23 දින අගුණුකොළපැලැස්ස පුහුණු මධ්‍යස්ථානයේදී නිලධාරින් 147 දෙනෙකු සඳහා ආරම්භ විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954