අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සම්බන්ධීකරණය වී කොළඹ දකුණ කොට්ඨාශයට අනුයුක්ත සියලුම නිලධාරින් වෙත අල්ලස් හා දුෂණ විමර්ශනය සම්බන්ධ විශේෂ වැඩමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සම්බන්ධීකරණය වී කොළඹ දකුණ කොට්ඨාශයට අනුයුක්ත සියලුම නිලධාරින් වෙත අල්ලස් හා දුෂණ විමර්ශනය සම්බන්ධ විශේෂ වැඩමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පවත්වනු ලබන අධ්‍යාපනික වැඩසටහන් මාලාවක ආරම්භක වැඩසටහන ලෙස දූෂණ මර්ධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ පිහිටි සිය ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුනි. මාර්තු මස 04 වන දින පැවැත් වූ මෙම වැඩසටහන, රජය සතු ප්‍රවාහන ආයතනයෙහි විධායක නිලධාරීන්හට සදාචාරාත්මක පාලනය සම්බන්ධයෙන් දැනුම ලබා දීමේ අරමුණින් පවත්වන්නට යෙදුනි.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සඳහා දූෂණ නිවාරණ වැඩසටහනක් 2025.02.18 වන දින සාර්ථක ලෙස පවත්වන ලදි. එය බන්ඩාරගම පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිඩට් හී දී පවත්වන ලදි.
අගලවත්ත ප්‍රාදේශිය සභාවේ සේවයේ නියුතු නිලධාරින් 70කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ බස්නාහිර පළාත් වැඩසටහනට සමගාමීව 2025.03.14 වන දින අල්ලස හා දුෂණය පිළිබඳව දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් සඳහා වෙන් කර තිබිණි.
ගාල්ල මහනගර සභාවේ නිලධාරීන් 180 ක් සහභාගී කරගනිමින් අල්ලස හා දූෂණය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2025 මාර්තු මස 06 වන දින නගර සභා පරිශ්‍රයේ දී පැවැත්වුණි. ගාල්ල මහනගර සභාවට අයත් කාර්යාලගත හා කේෂ්ත්රගත නිලධාරින් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබූ අතර, මෙය අදියර දෙකකින්, වැඩසටහන් දෙකක් වශයෙන් දිනය පුරාම දැනුවත් කිරීම සිදු කරන ලදී.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි, වලවේ කලාපයේ සේවයේ නියුතු නිලධාරින් 200කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ “පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්” තේමා කරගත් 2025.03.10 සිට 2025.03.16 දක්වා වූ මහවැලි පුනරුද සතියෙහි හය වන දින එනම්, 2025.03.15 වන දින අල්ලස හා දුෂණය පිළිබඳව දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් සඳහා වෙන් කර තිබිණි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහන් මාලාවක්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව පවත්වනු ලැබිය. එහි අවසන් වැඩසටහන පසුගිය 2025 මාර්තු මස 11 වන දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතරම එයට නිලධාරීන් 90 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි විය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහන් මාලාවක්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ිඑක්ව පවත්වනු ලැබීය. එහි සිව්වන වැඩසටහන පසුගිය 2025-03-06 වන දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර ම එයට නිලධාරීන් 60 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී විය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි නේවාසික කලමනාකර ව්‍යාපෘති බී කලාපයේ, එනම් වැලිකන්ද කලාපයේ එහි සේවයේ නියුතු නිලධාරින් 170කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ “පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්” තේමා කරගත් මහවැලි පුනරුද සතියෙහි එනම් 2025.03.04 වන දින “තෘප්තිමත් සේවයක් වෙනුවෙන් පෙළගැසෙන සේවක ඵලදායිතා දිනය” ලෙස නම් කර තිබිණි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි ඩී කලාපයේ එනම්, මැදිරිගිරිය කලාපයේ එහි සේවයේ නියුතු නිලධාරින් 100කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ “පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්” තේමා කරගත් මහවැලි පුනරුද සතියෙහි එනම් 2025.03.03 වන දින “තෘප්තිමත් සේවයක් වෙනුවෙන් පෙළගැසෙන සේවක ඵලදායිතා දිනය” ලෙස නම් කර තිබිණි.
රාජ්‍ය පාලනය හා විනිවිදභාවය සවිමත් කිරීමේ දැවැන්ත පියවරක් වශයෙන්, ජාතික දූෂණ විරෝධී සුපිලිපන්නතා ඇගයීම් රාමුව හඳුන්වා දීම හා සියලු රාජ්‍ය ආයතන තුල අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපිත කිරීම පිලිබඳ ව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සැසියක් ජනාධිපති ලේකම් කාර්යාලය හා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව එක්ව පවත්වන ලදි. මෙම රාමුව පිලිබඳ ව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර එය වඩාත් ඵලදායී ව ක්‍රියාවට නැංවීම සඳහා කල යුතු වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ඔවුන් ගේ අදහස් ලබා ගැනීම මෙම සැසියේ අරමුණ විය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි ජී කලාපයේ එනම් මොරගහකන්ද කලාපයේ එහි සේවයේ නියුතු නිලධාරින් 120කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ “පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්” තේමා කරගත් 2025.02.24 සිට 2025.03.02 දක්වා වූ මහවැලි පුනරුද සතියෙහි අවසන් දිනය එනම් 2025.03.02 වන දින “තෘප්තිමත් සේවයක් වෙනුවෙන් පෙළගැසෙන සේවක ඵලදායිතා දිනය” ලෙස නම් කර තිබිණි. මොරගහකන්ද මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේදී අල්ලස හා දුෂණය පිළිබඳව දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් මේ වෙනුවෙන් වෙන් කර තිබු අතර මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී උදේශිකා ජයසේකර මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරි ශම්මි ශ්‍රීලාල් තොටවත්ත මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954