2023 පෙබරවාරි 01 දිනයේ දී කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස්වීම් ලද නිලධාරින් සඳහා තනතුරට හැඩගැස්වීමේ නිවාරණ වැඩසටහන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ. උදේශිකා මධුභාෂණී මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී සංජීව හේරත් මහතා හා දූෂණ නිවාරණ නිලධාරී ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවියගේ දායකත්වයෙන් පැවැත්විණි.