2023.09.08-10 දිනයන්හිදී අධ්‍යාපන ක්ෂේත්රයේ විද්‍යා පීඨ ඉලක්ක කරගනිමින් වත්තලදී පැවැත්වූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුවේ දිගුවක් වශයෙන් 2023 දෙසැම්බර් මස 4 වන දින රුහුණු ජාතික අධ්‍යාපන පීඨයේ දී විද්‍යා පීඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යන කාර්ය මණ්ඩලය හා ගුරු අභ්‍යාසලාභීන් සඳහා අල්ලස හා දුෂණය පිළිබඳව නිවාරණ වැඩමුළුවක් සිදු කරන ලදී. මෙහිදී පොලිස් පරීක්ෂක ශාන්ත වික්‍රමආරච්චි මහතා, දුෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය හා දුෂණ නිවාරණ නිලධාරී රුශාන්ති දිල්ශානි මහත්මිය මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලද අතර විමර්ශන නිලධාරි තීක්ෂණ වික්‍රමතිලක මහතා තාක්ෂණික සහාය ලබා දෙන ලදී.