2023.09.08-10 දිනයන්හිදී අධ්‍යාපන ක්ෂේත්රයේ විද්‍යා පීඨ ඉලක්ක කරගනිමින් වත්තලදී පැවැත්වූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුළුවේ දිගුවක් වශයෙන් 2023 නොවැම්බර් මස 30 වන දින මහවැලි ජාතික අධ්‍යාපන පීඨයේ දී විද්‍යා පීඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යන කාර්ය මණ්ඩලය හා ගුරු අභ්‍යාසලාභීන් සඳහා අල්ලස හා දුෂණය පිළිබඳව නිවාරණ වැඩමුළුවක් සිදු කරන ලදී. මෙහිදී පොලිස් පරීක්ෂක ශාන්ත වික්‍රමආරච්චි මහතා, දුෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය හා දුෂණ නිවාරණ නිලධාරී විමුක්ති ජයසුරිය මෙනවිය මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලද අතර විමර්ශන නිලධාරි ප්‍රදීප් අමරජීව මහතා තාක්ෂණික සහාය ලබා දෙන ලදී.