ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්........

අල්ලස හා දූෂණය වැලැක්වීම අරමුණු කරගනිමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2023 අගෝස්තු මස 07 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිලිබඳ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී, මහාචාර්ය ඩබ්. එම්. ධනපාල මහතාගේත්, එම අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එච්. පී. කේ. එන් හේවාවසම් මහතා ගේ සහ එම අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුන්ගේත් සහභාගීත්වයෙන් පැවැත්විණි. එම වැඩසටහන සැසි 03කින් සමන්විත වූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා, දූෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් සිටින ස්ථානය, සහ සුපිලිපන් අනාගත නායයෙක් වශයෙන් විශ්වවිද්‍යාල සිසුවා ගේ කාර්යභාරය යන මාතෘකා එයට ඇතුලත් විය.

විශ්වවිද්‍යාල සිසුන්ට මෙම විෂය සම්බන්ධයෙන් දැනුම ලබා දීම සඳහා මෙම වැඩසටහන පැවැත්වූ අතර එය දැණුම ලබා දීමට පමණක් සීමා නොවූ අතර, වර්තමාන සමාජ ගැටළු පිලිබද ව ඔවුන් දරන ආකල්පය හා වගකීම් සහිත පුරවැසියන් ලෙස එම ගැටළු ආමණ්ත්‍රණය කිරීමේ දී ඔවුන් ගේ කාර්යභාරය සම්බන්ධයෙන් ඔවුන් දරන ආකල්පය වෙනස් කිරීමටත් එය අනිවාර්යයෙන් ම ඉවහල් විය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, රුවනි වික්‍රමසිංහ මහත්මිය සහ එම කොමිෂන් සභාවේ නිවාරණ නිලධාරීන් වන සම්පත් ආරච්චිගේ මහතා සහ එරංගා මධුෂානි මෙය විසින් මෙම වැඩසටහන පවත්වන ලදි.

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

73new 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search