අල්ලස හා දූෂණය නිවාරණය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එම විශ්වවිද්‍යාලය හා එක්ව සංවිධානය කරන ලදි

අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධයෙන් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් වශයෙන් 2023 අගෝස්තු මස 31 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී මෙම වැඩසටහන පවත්වන ලදි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ඩබ්. ඒ. එස්. විජේකෝන් මහතා සහ එම අධ්‍යයන අංශයේ කතිකාචාර්ය තරිඳු මහතා එම වැඩසටහන සඳහා සහභාගී විය. සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල සිසුන් මෙම වැඩසටහනට සහභාගී වූ ප්‍රධාන පිරිස විය.

සැසි තුනකින් සමන්විත වූ එම වැඩසටහනෙහි මූලික පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාවේ පවතින දූෂණය පිලිබඳවත්, දූෂණය හා සම්බන්ධ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවට හිමි ස්ථානය පිලිබඳවත් සුපිලිපන්න බව ප්‍රවර්ධනය කිරීම හා දූෂණය මැඩ පැවැත්වීම සඳහා අනාගත නායකයින් වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් ගේ කාර්යභාරය පිලිබඳවත් සහභාගී වූ පිරිසට අවබෝධයක් ලබා දීමයි. මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වූයේ අල්ලස හා දූෂණය යන මාතෘකාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබා දීම හා ඒ සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීමයි. හුදු දැනුවත් කිරීමේ වැඩසටහනකින් ඔබ්බට ගොස් පැවැත් වූ එම වැඩසටහන මගින් සමාජ ගැටළු සම්බන්ධයෙන් තරුණ පිරිස ගේ ආකල්ප වෙනස් කිරීමට ප්‍රයත්න දැරීමත් වගකීම් සහිත පුරවැසියන් වශයෙන් ඔවුන් ගේ වගකීම් පැහැදිලි කිරීමත් සිදු කෙරිනි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරීන් වන සම්පත් ආරච්චිගේ මහතා, ඉෂානි විජේසූරිය මහත්මිය හා නිපුනි තෙන්නකෝන් මෙනවිය යන නිලධාරීන් විසින් මෙම වැඩසටහන පවත්වන ලදි. අල්ලස හා දූෂණය නිවාරණය හා ආමණ්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන උපායමාර්ග පිලිබඳ ව විද්වත් දැනුමත් තොරතුරු හුවමාරු කර ගැනීමත් එහි දී සිදු විය.

0831 1

0831 1

0831 1

0831 1

0831 1

0831 1

0831 1

0831 1

0831 1

0831 1

0831 1

0831 1

0831 1

0831 1

0831 1

0831 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search