අල්ලස් පිරිනැමීමට තැත් කිරීමේ වරදට සිවිල් පුද්ගලයෙකුට වසර 02ක බරපතල වැඩ සහිත දඬුවම්

නීති විරෝධී පස් කැපීමකට අදාළව බැඳිගම, දකුණ ප්‍රදේශයේ දී සිදු කරන ලද වැටලීමක දී, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර නීති මඟින් කටයුතු නොකිරීම සඳහා පන්නිපිටිය, රුක්මලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ චූදිත විසින් රු.25,000/ - (රුපියල් විසිපන්දහස) ක මුදලක් පිරිනැමීමට තැත් කර ඇත.

මෙම නඩුව 2024.09.11 වන දින කොළඹ අංක 04 මහාධිකරණයේ දී විනිසුරු තැන්පත් මහේෂ් වීරමන් මැතිතුමා ඉදිරියේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ චූදිත වරද පිළිගන්නා ලදි. චූදිත වෙත වසර 02ක බරපතල සිරදඬුවම් ලබා දී වසර 10කට අත්හිටුවන ලද අතර, රුපියල් ලක්ෂ 01 ක දඩයක් ද නියම කරන ලදි. එසේ ම, රු.25,000/- ක මුදල රාජසන්තක කිරීමට ද නියෝග කරන ලදි.

මෙම නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ (නීති) තුසිතා ජයනෙත්ති මහත්මිය විසින් මෙහෙයවන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search