රු.1,500/-ක (රුපියල් එක්දහස්පන්සියය) මුදලක් අල්ලස් ලෙස ලබාගත් සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

කැළණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව 2025.04.28 වන දින කොම්පඤ්ඤවීදය දුම්රිය ස්ථානය හරහා ගමන් කළ බවට චෝදනා කරමින්, පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත භාරයට ගෙන, එසේ භාරයට ගත් ජාතික හැඳුනුම්පත නැවත පැමිණිලිකරුට ලබාදීම සඳහා රු.3,000/- ක (රුපියල් තුන්දහස) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා 2025.05.02 වන දින එම මුදල රු.1,500/-ක (රුපියල් එක්දහස්පන්සියය) දක්වා අඩු කර අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවෙකු 2025.05.02 වන දින ‌පෙ.ව.10.50 ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search