කැළණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව 2025.04.28 වන දින කොම්පඤ්ඤවීදය දුම්රිය ස්ථානය හරහා ගමන් කළ බවට චෝදනා කරමින්, පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත භාරයට ගෙන, එසේ භාරයට ගත් ජාතික හැඳුනුම්පත නැවත පැමිණිලිකරුට ලබාදීම සඳහා රු.3,000/- ක (රුපියල් තුන්දහස) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා 2025.05.02 වන දින එම මුදල රු.1,500/-ක (රුපියල් එක්දහස්පන්සියය) දක්වා අඩු කර අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවෙකු 2025.05.02 වන දින පෙ.ව.10.50 ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 09 2026
2026 වර්ෂයට අදාළව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය මඟින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම
පෙබරවාරි 04 2026
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත යූ.ඩී.එම්.සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 04 2026








