හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට එරෙහි නඩු තීන්දුව ඓතිහාසික තීන්දුවක් - TISL

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී I.H.K. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති P. දිසානායක යන පුද්ගලයින්ට විශේෂ මහා අධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසුව ලබා දුන් තීන්දුව දූෂණ විරෝධී යාන්ත්‍රනය දිරිගැන්වීමක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය පවසයි. ඉන්දීය ව්‍යාපාරිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) සිදු කරන ලද වැටලීමකින් ඔවුන් දෙදෙනා රුපියල් මිලියන 100 අල්ලසක් ඉල්ලා සිටීම හා එම මුදලින් රුපියල් මිලියන 20 අත්තිකාරමක් ලබා ගැනීම යන චෝදනා මත අත්අඩංගුවට පත් වුහ. විශේෂ මහා අධිකරණයෙදී වරදකරුවන් බවට පත්වූ ඔවුන් දෙදෙනාට පිළිවෙලින් වසර 20 හා වසර 12 සිර දඬුවම් නියම වුනි.

මෙම සිද්ධියේදී කඩිනමින් හා ක්‍රියාශීලිව ක්‍රියාකිරීමෙන් කෙටි කාලයක් තුල වැටලීම සිදු කර පරීක්ෂණ අවසන් කර සැකකරුවන් අධිකරණය හමුවට ගෙන ඒමට හැකි වීම, අල්ලස් කොමිසම ප්‍රශංසාවට හා ප්‍රසාදයට ලක් විය යුතු කරුණක්.

TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පැවසුවේ - "පරීක්ෂණ පවත්වන නිලධාරීන්ගේ කාර්ය භාරය වෙත අනිසි මැදිහත් වීම් වැළැක්වීම සාර්ථක නඩු පැවරීමක් සඳහා අත්‍යාවශ්‍ය කාරණාවක් වේ. මෙම නිලධාරීන් දේශපාලන පළිගැනීම්වලින් අරක්ෂ කල යුතුයි. සැකකරුවන්ගේ නිලය නොතකා වැටලීම් සිදු කිරීමට අල්ලස් කොමිසම පිළිඹිඹු වීම දිරියට කරුණක් වන සේම මෙම ප්‍රවණතාවය ඉදිරියටත් ක්‍රියාත්මක වන බව අපගේ අපේක්ෂාවයි."

ඔහු වැඩිදුරත් කියා සිටියේ - "සාමාන්‍යයෙන් අපරාධ නඩු විභාග අවසන් කිරීම සඳහා වසර 10 අධික කාලයක් ගතවන හෙයින් විශේෂ මහා අධිකරණය හමුවට ගෙන එන නඩු, තෝරාගන්නා නිර්ණායක පිළිබඳව බලධාරීන් ජනතාව දැනුවත් කල යුතුයි. මෙවැනි ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පදනම් වන්නේ ජනතා විශ්වාසය මතයි."

එමෙන්ම, රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිද මෙම නඩුවේදී වරදකරුවෙකු වීම තුලින්, රාජ්‍ය ව්‍යවසායන් තුල පවතින දූෂණ අවධානම සනිටුහන් වන බව TISL ආයතනය පවසයි. මේ තුලින් පෙනී යන්නේ මෙම රාජ්‍ය ව්‍යවසායන් තුල වෘත්තිකත්වය හා සුපිලිපන්භාවය ස්ථාපනය කිරීමේ වැදගත්කමයි. රාජ්‍ය ව්‍යවසායන් සඳහා පත්වීම් සිදුකිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා පසුගියදා පියවර ගෙන ඇති අතර, එම ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල හා ජ්‍යෙෂ්ට කළමනාකාරිත්වය හා ඔවුන්ගේ සම්බන්දතාවයන් පිලිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම තුලින් දූෂණය වැළැක්විය හැකි බව TISL ආයතනයේ මතයයි. මේ සඳහා පසුගියදා TISL ආයතනය මෙම තොරතුරු ඇතුලත් www.peps.lk වෙබ් අඩවිය එළිදක්වන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search