ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවේ රඳවා සිටි පුද්ගලයකු නිදහස් කිරීම සඳහා අල්ලස් මුදලක් පිරිනැමීමේ දී අත්අඩංගුවටපත් විත්තිකරු මහාධිකරණයේ දී වරද පිළිගනී.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවේ රඳවා සිටි පුද්ගලයකු නිදහස් කිරීම සඳහා පෙළඹවීමක් ලෙස, රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමීමට පොරොන්දු වී, එයින් රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට පිරි නැමීමෙන් අල්ලස් වරදවල් සිදු කළ තැනැත්තෙකු මහාධිකරණයේ දී වරද පිළිගන්නා ලදී.

අද දින කොළඹ මහාධිකරණය විසින් එම තැනැත්තාට වරදවල් දෙක සම්බන්ධයෙන් එක් එක් වරද සඳහා වසර 1 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් පන්දහස බැගින් වූ දඩ නියම කරන ලදී. මුල් අවස්ථාවේදී ම වරද පිළි ගැනීම සලකා, සිර දඬුවම් වසර 15කට අත්හිටුවන ලදී.

මෙම අල්ලස් පිරිනැමීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුව, කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමක දී, අල්ලස් පිරිනමන අවස්ථාවේදී ම, සැකකරුව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම නඩුව මහාධිකරණයේ ගොණු කරන ලදී.   

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search