සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකාර සහකාර ලෙස සේවයේ යෙදී සිටි නිලධාරියෙකු, විශේෂඥ වෛද්‍යවරයකුගේ විදේශ නිවාඩු කාලයට අදාළ වැටුප සකස් කර දීම සඳහා පෙළඹවීමක් හෝ ත්‍යාගයක් වශයෙන් රුපියල් 20,000/= ක මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් නඩු පවරන ලද අතර, චූදිත චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා 4 ටම වරද පිළිගෙන ඇත. එක් චෝදනාවකට මාස 6 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමකර, එය අවුරුදු 5 ක කාලයක් සඳහා අත්හිටුවන ලදී.
එමෙන්ම එක් චෝදනාවක් සඳහා රු.5000/= බැගින් චෝදනා 04 සඳහා රු.20,000/= ක දඩ මුදලක් ද, එය නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාසය බැගින් මාස 04 ක සිර දඬුවම් ද නියම කරන ලදී. තවද අල්ලස් ලෙස අයදින ලද රු.20,000/= ක මුදල දණ්ඩනයක් ලෙස ගෙවීමට නියම කර ඇත. කොළඹ මහාධිකරණ අංක 05 හි ගරු විනිසුරු මංජුල තිලකරත්න මැතිතුමා විසින් 2021.03.23 දින මෙම තීන්දුව දෙන ලදී.