සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකාර සහකාර ලෙස සේවයේ යෙදී සිටි නිලධාරියෙකු, විශේෂඥ වෛද්‍යවරයකුගේ විදේශ නිවාඩු කාලයට අදාළ වැටුප සකස් කර දීම සඳහා පෙළඹවීමක් හෝ ත්‍යාගයක් වශයෙන් රුපියල් 20,000/= ක මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් නඩු පවරන ලද අතර, චූදිත චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා 4 ටම වරද පිළිගෙන ඇත. එක් චෝදනාවකට මාස 6 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමකර, එය අවුරුදු 5 ක කාලයක් සඳහා අත්හිටුවන ලදී. එමෙන්ම එක් චෝදනාවක් සඳහා රු.5000/= බැගින් චෝදනා 04 සඳහා රු.20,000/= ක දඩ මුදලක් ද, එය නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාසය බැගින් මාස 04 ක සිර දඬුවම් ද නියම කරන ලදී. තවද අල්ලස් ලෙස අයදින ලද රු.20,000/= ක මුදල දණ්ඩනයක් ලෙස ගෙවීමට නියම කර ඇත. කොළඹ මහාධිකරණ අංක 05 හි ගරු විනිසුරු මංජුල තිලකරත්න මැතිතුමා විසින් 2021.03.23 දින මෙම තීන්දුව දෙන ලදී.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් ලක්ෂ 2 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ජනපද නිලධාරියකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට
මැයි 06 2022
රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ග්‍රාම නිලධාරිවරයකු අත්අඩංගුවට
අප්‍රේල් 30 2022
රුපියල් 3000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, රාගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට
අප්‍රේල් 09 2022
වරදකරු කිරීම්
අල්ලස් චෝදනා ලැබ සිටි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් නිලධාරියෙකු වරදකරු වේ
සැප්තැම්බර් 25 2020