අධිකරණ නියෝග මත ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී ව්‍යාජ ක්‍රම මඟින් ලියාපදිංචි වූ මිට්ෂුබිසි වර්ගයේ ජිප් රථයක් ශ්‍රී ලංකා රේගුව භාරයට

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත ශ්‍රි ලංකා රේගුවේ නිෂ්කාශනය නොවු වාහන සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනය මගින් භාරයට ගන්නා ලද මිට්ෂුබිසි ජිප් රථයක් අධිකරණ නියෝග පරිදි 2024.10.11 වන දින භාර දෙන ලද අතර එම වාහනය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරව ඉදිරි රේගු විමර්ශන සදහා ශ්‍රි ලංකා රේගුව වෙත භාර ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මැතිතුමන් විසින් නියෝග ලබාදෙන ලදි.

මෙම වාහනය අනීතිකව ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට ආසන්න වශයෙන් මිලියන පහකට අධික බදු පාඩුවක් සිදුව ඇත. අදාළ වාහන ආනයනය කිරිම සදහා සහාය වු රේගු නිලධාරින් හා වාහන ලියාපදිංචිය සදහා සහාය වු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරින් සම්බන්ධයෙන් කඩිනමින් විර්ශන සිදු කර ඔවුන්ව අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය වෙත නියෝග කරන ලද අතර මෙම නඩුව 2025.01.17 දිනට නැවත කැදවිමට නියෝග ලබා දෙන ලදි.

 

P11P21

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search