පස්සර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු බස්නාහිර පළාත (දකුණ) දිසා රථවාහන කොට්ඨාසයේ, බත්තරමුල්ල ඒකකයට අනුයුක්තව සිටිය දී රථවාහන සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරියේ යෙදී සිටි කාලය තුළ සිදු කරන ලද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, පොලිස් දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන ත්‍යාග මුදල් ලබාගැනීමට ඉදිරිපත් කරනු ලබන ත්‍යාග වව්චර්පත් උසාවි කටයුතු භාර නිලධාරියාගේ අත්සන සහ නිල මුද්‍රාව තබා සම්පූර්ණ කර ලබාදීමට අල්ලස් වශයෙන් තුටු පඬුරක් ලෙස රුපියල් 3640/- ක් වටිනා අරක්කු බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සහ එම තුටු පඬුර ඉල්ලා ලබාගැනීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ, පොලිස් සැරයන්වරයෙකු සහ පිරිසිදු කිරීමේ සේවා ආයතනයක, පිරිසිදු කිරීමේ කම්කරුවෙකු 2024.09.26 වන දින ප.ව. 1.50 ට සහ ප.ව.1.35ට පමණ කොළඹ අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අංක 07 අධිකරණ පරිශ්‍රය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025