මඩකලපුව, කාන්චංකුඩා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම හා ට්‍රැක්ටර් රථයෙන් වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධව නීති මඟින් කටයුතු නොකර සිටීමට රු. 2000/- ක මුදලක් ඉල්ලා ලබාගැනීමෙන් අනතුරුව, තවදුරටත් බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම හා ප්‍රවාහනය කිරීමට නීති මඟින් කටයුතු නොකර උදව් කිරීම සඳහා රු. 2000/- ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්යංශයට අනුයුක්තව මඩකලපුව, කොක්කඩිචෝලෙයි උප ඒකකයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු 2024.09.25 වන දින මධ්‍යහන 12.35 ට පමණ පනේ අරුප්පන් ප්‍රදේශයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 2,000/- ක (දෙදහක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
සැප්තැම්බර් 26 2024
රු. 5,000/- ක (පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
සැප්තැම්බර් 23 2024