පොතුහැර, තලවත්තේගෙදර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු රැකියාවකට යාමට පොලිස් වාර්තාවක් ඉල්ලුම් කළ පසු ඔහුට විරුද්ධව පොතුහැර පොලිස් ස්ථානයේ ලේඛන අනූව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධව ඇති නඩුවල විස්තර ඇතුලත් නොකර එම පොලිස් වාර්තාව ලබා දීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රු.5000/- ක අල්ලස් මුදලක් ඉල්ලා, පැමිණිලිකරුට එකී පොලිස් වාර්තාව ලබා දීමෙන් පසුව, පැමිණිලිකරු එම මුදල ලබානොදීම හේතුවෙන් ඔහුට විරුද්ධව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට නඩු පවරන බව පවසා එසේ නොකර සිටීමට රු.5000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත පොතුහැර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු 2024.09.19 වන දින ප.ව. 2.52 ට පමණ පොතුහැර පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති හෙළ බොජුන් අවන් හල තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025