රු. 5,000/- ක (පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, සහායක රියදුරු උපදේශකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුහට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති බරවාහන පැදවීමේ තාවකාලික රියදුරු බලපත්‍රයට හිමි රියදුරු බලපත්‍ර කාඩ්පත එම කාර්යාලය මඟින් කඩිනමින් සකස් කර ලබාදීම වෙනුවෙන් රු. 5,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත බොරලැස්ගමුවේ රිය පාසලක සහායක රියදුරු උපදේශකවරයෙකු 2024.09.03 වන දින ප.ව. 4.25 ට පමණ සැකකරු විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන රියදුරු පාසල් කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව 2024 සැප්තැම්බර් මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search