රුපියල් 200,000/= ක (ලක්ෂ දෙකක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, නැගෙනහිර පළාත්, පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වර‌යෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

මඩකලපුව, චෙන්කල්අඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු මඩකලපුව සතුරුකොන්ඩාන් ප්‍රදේශයේ පර්චස් 65ක ඉඩමක් රුපියල් කෝටියකට මිල දී ගැනීමෙන් පසුව එහි මුද්දර ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 06ක් ගෙවූ පසු නැවත පළාත් ආදායම් කාර්යාලය මඟින් එහි තක්සේරු වටිනාකම රුපියල් කෝටි දෙකයි ලක්ෂ 65ක් වන බව දන්වා ඒ සඳහා දඩ මුදලත් සමඟ ගෙවිය යුතු රජයේ ගාස්තුව රුපියල් 850,000/- ක් බව පවසා එම මුදල රුපියල් ලක්ෂ 02 දක්වා අඩුකර දීමට අවශ්‍ය කටයුතු සලසා දීමට රුපියල් ලක්ෂ 02ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත නැගෙනහිර පළාත්, පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු 2024.10.15 වන දින ප.ව.12.45ට පමණ නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මඩකලපුව කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search