“අඩිතාලම” - අපේ සුසැදි දෙස අපි ගොඩනංවමු” ලෝක ළමා දින සැමරුම

ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් මෙවර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 ඔක්තෝබර් මස 01 වන දින සුහද විවාදයක් සංවිධානය කරනු ලැබීය. අල්ලස හා දූෂණය තුරන් කරමින් ශ්‍රී ලංකාව සුපිළිපන් දේශයක් බවට පත් කිරීමේ පරමාර්ථය පෙරදැරිව පවත්වනු ලැබූ මෙම සුහද විවාදය “අල්ලස සහ දූෂණය තුරන් කර සුපිළිපන්න ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම උදෙසා නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් ම ප්‍රමාණවත් නොවේ” සහ “අල්ලස සහ දූෂණය තුරන් කර සුපිළිපන්න ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම උදෙසා නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් වේ” යන මාතෘකාවන් ඔස්සේ නුගේගොඩ, අනුලා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් අතර පැවැත්වුණි.

මෙම අවස්ථාව සඳහා කොමිෂන් සභාවේ ආරාධනය පිළිගෙන පැමිණි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, සමාජීය හා මානව ශාස්ත්‍ර පීඨයේ, භාෂා ,සංස්කෘතික හා ප්‍රාසාංගික කලා අධ්‍යයනාංශයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මැතිතුමන් විසින් ඉතා හරවත් දේශනයක් පවත්වන ලදි.

මතු දින සුපිළිපන් දේශයක් බිහිකිරීමේ මෙහෙයුම සවිමත් කිරීමට තවත් එක් අඩිතාලමක් වූ මෙම වැඩසටහනට ආරාධිත පාසල් නියෝජනය කරමින් සිසු දරුදැරියන්, විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් ද සහභාගී වූ අතර, කොමිෂන් සභාවේ සභාපතිතුමන්, කොමසාරිස්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු කොමිෂන් සභාවේ නිලධාරීන් ද, ඊට එක් වූහ. සහභාගී වූ දරුකැළ යථෝක්ත අරමුණ සාක්ෂාත් කරගැන්වීම උදෙසා දිරිගන්වමින් ලංකා බැංකුව විසින් තිළිණ පිරිනැමීම ද මෙහි දී සිදු විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search