අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කාර්යය හෝ කර්තව්‍යය ඉටු කිරීමේ වගකීම පවරා දීම

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 25 (2) වගන්තිය ප්‍රකාරව 2024.10.07 වන දින පුරප්පාඩු වී ඇති කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා මාස 03ක කාලයක් ඇතුළත නව පත්කීරීමක් සිදු කරන ‌තෙක් ගරු ජනාධිපතිතුමන් විසින් දැනට කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කරනු ලබන එම්.ආර්.වයි.කේ.උඩවෙල මහත්මිය වෙත කොමිෂන් සභාවට සහාය දැක්වීම පිණිස අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල, කාර්යය හෝ කර්තව්‍යය පවරා දී ඇත.


වර්ෂ 1993 දී නීතිඥ වෘත්තියේ දිවුරුම් දෙමින් නීති වෘත්තියට අත්පොත් තැබූ එම්.ආර්.වයි.කේ.උඩවෙල මහත්මිය 1996 වසරේ ජනවාරි 16 වන දින සහකාර අධ්‍යක්ෂ (නීති) ‌ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එක් වුණි. දැනට කොමිෂන් සභාවේ වසර 28කට අධික සේවා කාලයකට හිමිකම් කියනා ඇය කොමිෂන් සභා 07ක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරු 08 දෙනෙකු යටතේ තම සේවය ලබා දී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search