බස් රථ තුනක් සඳහා පරම අයිතිය වෙනස් කර පවරාගැනීමේ කටයුතු සඳහා අල්ලස් ඉල්ලා ලබාගත්, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස්වරයෙකු, සංවර්ධන සහකාරවරයෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට. පොල්ගහවෙල පදිංචි ව්‍යාපාරිකයෙකු විසි

බස් රථ තුනක් සඳහා පරම අයිතිය වෙනස් කර පවරාගැනීමේ කටයුතු සඳහා අල්ලස් ඉල්ලා ලබාගත්, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස්වරයෙකු, සංවර්ධන සහකාරවරයෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට.

පොල්ගහවෙල පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ලීසින් පදනම මත ලීසින් ආයතන තුනක් මගින් ලබා ගෙන ඇති බස් රථ තුනක් සඳහා ලීසින් කාලය අවසන් වීමෙන් පසු එම බස් රථවල පරම අයිතිය වෙනස් කර පැමිණිකරුගේ නමට පවරා ගැනීමට කටයුතු කිරීමේ දී එම කටයුතු කර දීම සඳහා අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත 2024.10.04 වන දින ප.ව.3.20ත් ප.ව.3.30ත් අතර කාලය තුළ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස්වරයෙකු (බස් හා ලොරි පැවරුම් අංශය) , සංවර්ධන සහකාරවරයෙකු සහ තැරැව්කරුවෙකු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ දී අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
ඒ අනුව, චූදිතයන්ගේ වැරදි පහත පරිදි වේ.

  1. අල්ලස් චෝදනා මත සේවය අත්හිටුවා ඇති වේරහැර,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කළ කම්කරුවකු වන පළමු සැකකාර, තැරැව්කරු විසින් ‌රු.50,000/- (පනස්දහස)ක අත්තිකාරම් මුදලක් අල්ලස් වශයෙන් ලබා ගෙන, ඉතිරි රු.150,000/- (එක්ලක්ෂ පනස්දහස)ක මුදල නිලධාරීන්ට ලබා දීමට බව දන්වා ඉල්ලා ලබා ගැනීම.
  2. දෙවන සැකකරු වන සංවර්ධන සහකාර, පළමු සැකකරු මගින් අත්තිකාරම් ලෙස රු.50,000/- (පනස්දහස)ක මුදලක් ඉල්ලා ලබාගෙන, ඉතිරි රු.150,000/- (එක්ලක්ෂ පනස්දහස) පළමු සැකකරු මාර්ගයෙන් ඉල්ලා ලබාගැනීම.
  3. තෙවන සැකකරු වන නියෝජ්‍ය කොමසාරිස් දෙවන සැකකරු මාර්ගයෙන් රු 150,000/= (එක්ලක්ෂ පනස්දහස)ක අල්ලස් මුදලක් ඉල්ලීම සහ තැරැව්කරුට හා විෂය ලිපිකරුට අල්ලස් මුදල් ලබා ගැනීමට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය, මෙහෙයවීම, පෙළඹවීම.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search