අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලද තොරතුරකට අනුව රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අනීතිකව ලංකාවට රැගෙන විත් රජයට අය විය යුතු බදු මුදල් අහිමි කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ධාවනය කරන ලද මිට්ෂුබිසි වර්ගයේ ජීප් රථයක් 2024.09.18 වන දිනට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට ලබාදුන් අධිකරණ නියෝගය කඩ කිරීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නඩු අංක B 16054/01/24 දරණ නඩුවට අදාලව බදුල්ල, නෙළුම්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව නිකුත් කර ඇති වරන්තුව ක්‍රියාත්මක කිරීම හා අධිකරණ නියෝග පරිදි අදාල මිට්ෂුබිසි වර්ගයේ ජීප් රථය භාරයට ගැනීමට කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය විසින් කටයුතු කරන ලදී.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025