කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව,ත්‍රිකුණාමලය - වව්නියාව මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලය ඩිපෝවට අයත්, ලංගම බස් රථයේ මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කර, මගියෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධව එම බස් රථයේ කොන්දොස්තර වශයෙන් සේවය කළ පැමිණිලිකරුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා වැඩ තහනම් කර එම විනය පරීක්ෂණයෙන් පැමිණිලිකරුට අගතියක් නොවන පරිදි පරීක්ෂණ කටයුතු අවසන් කර , නැවත සේවය පිහිටුවීමට අදාළ කටයුතු කර දීම සඳහා අල්ලස් ලෙස රු.100,000/- ක (රුපියල් ලක්ෂයක) මුදලක් ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියා විසින් ඉල්ලා, එකී මුදල එම කාර්යාලයේ ආරක්ෂක නිලධාරියා මගින් ඉල්ලා ලබා ගැනීමේ අල්ලස් චෝදනා මත, ලංගම ගමනාගමන මණ්ඩලයේ, නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකු (ආවරණ) සහ ආරක්ෂක නිලධාරියෙකු 2025.04.22 දින ප.ව.2.52 ට සහ ප.ව.2.49 ට පමණ ලංකා ගමනාගමන මණ්ඩලයේ, නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ කාන්තා පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
ජනවාරි 06 2026
මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණය වරද හා පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට
දෙසැම්බර් 22 2025
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට
දෙසැම්බර් 16 2025
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
දෙසැම්බර් 14 2025








