ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් සිදු කරන ලද දූෂණ ක්‍රියාවක් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරමින් පවතින විමර්ශනයකට අදාළව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2025.04.10 වන දින මාධ්‍යට ප්‍රකාශයක් සිදු කර ඇත. එම ප්‍රකාශය අනුව, අදාළ විමර්ශනය පිළිබඳව වන සිද්ධි දාමයට යම් යම් අවස්ථාවල ඔහුගේ මැදිහත්වීමක් සිදු වී ඇති බව එම ප්‍රකාශය නිරීක්ෂණය කිරීමේදී කොමිෂන් සභාවට පෙනී ගොස් ඇත.
එබැවින් අදාළ ප්‍රකාශය මඟින් දක්වන කරුණු පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49 (1) වගන්තිය ප්‍රකාරව 2025.04.17 වන දි9.30ට කොමිෂන් සභාවේ අදාළ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී ඇත.