ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සම්බන්ඳව සිදුකරන විමර්ෂණයකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ඳව කරුණු පැහැදිලි කර ගැනීමට එම මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මීට පෙර කැඳවන ලදී.
එම කැඳවීමට පිළිතුරු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥ විසින් යොමුකළ ලිපියේ කරුණු සළකා බලා 2025 අප්‍රේල් මස 28 වන දින පෙ.ව. 9.30 ට කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත. (අදාළ දැන්වීමේ පිටපතක් මේ සමග ඉදිරිපත් කෙරේ.)