දූෂණ චෝදනා සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනයකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය දරමින්, පළාත් සභාවේ ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි පවසමින් රාජ්‍ය බැංකු තුනකින් අනුග්‍රාහකත්ව මුදල් ඉල්ලා, ලබාගැනීමේදී චූදිත නමින් පවතින පදනමක ගිණුමකට මුදල් බැර කරගැනීම ඇතුළු දූෂණ ක්‍රියා සිදුකිරීම සම්බන්ධව ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී දොන් ආතර් චාමර සම්පත් දසනායක මහතා 2025.03.27 දින ප.ව. 2.25ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේදී අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search