වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

2018 සි‌ට 2022 වසර දක්වා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරමින්, එම බල ප්‍රදේශයේ විකිණීම සඳහා සංවර්ධන කරනු ලබන ඉඩම් සඳහා අනුමැතිය ලබාදීමට අදාළව අවස්ථා කිහිපයක දී පැමිණිලිකරුගෙන් රු.5,480,000/- (රුපියල් පනස්හතර ලක්ෂ අසූ දහස) ක මුදලක් ලබා ගැනීම සහ ඔහු පදිංචි නිවසේ, මිදුලේ කුට්ටිගල් (ඉන්ටර්ලොග්) ඇල්ලීම සිදු කළ කොන්ත්‍රාත් සමාගමට ගෙවිය යුතුව තිබූ රුපියල් 1,250,000/- (දොළොස් ලක්ෂ පනස් දහස) මුදලක් පැමිණිලිකරු මඟින් ගෙවීමට සැලැස්වීම යන අල්ලස් චෝදනා මත වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතුකෝරල දොන් උදේනි ප්‍රියංග 2025.05.09 වන දින පෙ.ව.09.45ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරින ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search