රු.6,000/-ක (රුපියල් හයදහස)මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

කරදියනාරු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකාරිය විසින් ඉදිකරමින් පවතින නව නිවස පරීක්ෂා කර, එහි සැලසුම අනුමත නොකර, ඉදිකිරීම වරදක් බවට පවසා ඒ සඳහා නීති මඟින් කටයුතු කළහොත් රු.50,000/- ක(රුපියල් පනස්දහස) දඩයක් නියම වන බවට දන්වා එය සිදු නොකර ඉදිකරමින් පවතින නිවස බාධාවකින් තොරව ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා, ඒ සඳහා ඉදිකරමින් පවතින නිවස ආකාරයටම සැකකරු විසින් ම සැලසුමක් ඇඳ එම සැලසුම අනුමත කර දීමට රු.12,000/- ක(රුපියල් දොළොස්දහස) මුදලක් ඉල්ලා එකී මුදලින් රු.5000/- ක්(රුපියල් පන්දහස) මුලින් ලබාගෙන ඉතිරි මුදලින් රු.6,000/- (රුපියල් හයදහස)ක මුදලක් පමණක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු 2025.04.29 වන දින ‌පෙ.ව.10.49 ට පමණ පැමිණිලිකාරියගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search