කරදියනාරු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකාරිය විසින් ඉදිකරමින් පවතින නව නිවස පරීක්ෂා කර, එහි සැලසුම අනුමත නොකර, ඉදිකිරීම වරදක් බවට පවසා ඒ සඳහා නීති මඟින් කටයුතු කළහොත් රු.50,000/- ක(රුපියල් පනස්දහස) දඩයක් නියම වන බවට දන්වා එය සිදු නොකර ඉදිකරමින් පවතින නිවස බාධාවකින් තොරව ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා, ඒ සඳහා ඉදිකරමින් පවතින නිවස ආකාරයටම සැකකරු විසින් ම සැලසුමක් ඇඳ එම සැලසුම අනුමත කර දීමට රු.12,000/- ක(රුපියල් දොළොස්දහස) මුදලක් ඉල්ලා එකී මුදලින් රු.5000/- ක්(රුපියල් පන්දහස) මුලින් ලබාගෙන ඉතිරි මුදලින් රු.6,000/- (රුපියල් හයදහස)ක මුදලක් පමණක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු 2025.04.29 වන දින පෙ.ව.10.49 ට පමණ පැමිණිලිකාරියගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට
අප්‍රේල් 28 2026
අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්
අප්‍රේල් 28 2026








