හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට

හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් එක් අමාත්‍යංශයේ  අදාළ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ  පුද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරුවලට තම හිතවතුන්, ඥාතීන් හා දේශපාලන ආධාරකරුවන් පත්කර, ඔවුන් සේවයේ යොදවා නොගනමින් අමාත්‍යංශ වැය බරින් වැටුප් හා දීමනා වශයෙන් ඔවුන් වෙත ගෙවිය යුතු රුපියල් 8,005,814.73 ක මුදලක් ඔවුන්ගේ වැටුප් වශයෙන් ලබාගෙන, අමාත්‍යවරයාගේ දේශපාලන ආධාරකරුවන්ට, පක්ෂ කාර්යාල නඩත්තු කටයුතු මෙන් ම  ඒවායේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා වැය කිරීම මඟින් රජයට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩු කිරීම කිරීම  සම්බන්ධයෙන් දූෂණ චෝදනා යටතේ  නඩු තුනකට අදාළව 2025.05.07 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search