අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි දෙකක් මත සිදු කරනු ලබන විමර්ශනයන් දෙකකට අදාළව (රජයේ රැකියා ලබා දෙන බවට පවසා අල්ලස් ලෙස රු.200,000/-ක සහ රු.150,000/- ක මුදල් ඉල්ලා ලබාගැනීම සම්බන්ධව) මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එක්සත් ජාතික පක්ෂයේ) දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා 2025.03.26 දින පෙ.ව.9.15ට මහනුවර ප්‍රදේශයේදී කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025.03.28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලද අතර, එදිනට කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.