පුද්ගලයෙකු විසින් ඉල්ලුම් කරන ලද වෙළඳ බල පත්‍රය ලබා දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා වෙනත් පුද්ගලයන් දෙදෙනෙකුට රු.2,000,000/-ක (රුපියල් ලක්ෂ විස්සක) මුදල් අල්ලසක් ලබාදෙන ලෙස ඉල්ලීම හා රු.1,500,000/- (රුපියල් ලක්ෂ පහළොවක) මුදල් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගැනීමට අනුබල දීමේ චෝදනා මත හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සදාසිවම් වියාලේන්ද්‍රන් 2025.03.25 දින ප.ව.1.20 ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025.04.01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.