පනාමුර ප්‍රදේශයේ පදිංචි පාරම්පරික වෛද්‍යවරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකාරියට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබාදෙන පාරම්පරික වෛද්‍යවරයෙකු බවට ලබාදෙන සහතිකය එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමාගේ අනුදැනුම ඇතිව ලබාදීමේ කටයුතු කරදෙන බව පවසා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රු.500,000/= (රුපියල් ලක්ෂ පහක) මුදලක් ඉල්ලා ලබාගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල ලබාදීම යන අල්ලස් චෝදනා මත කැළණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි , රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධීකාරවරයෙකු 2025.03.22 දින පෙ.ව.11.55 ට පමණ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ කාන්තා පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
ජනවාරි 06 2026
මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණය වරද හා පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට
දෙසැම්බර් 22 2025
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට
දෙසැම්බර් 16 2025
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
දෙසැම්බර් 14 2025








