අල්ලස් කොමිසම විසින් රුපියල් මිලියන 6ක වත්කම් විමර්ශනයක් සම්බන්ධ නඩුවක් ජයගනී

නිර්නාමික පෙත්සමක් මත, අල්ලස් කොමිසම මෙහෙයවූ වත්කම් විමර්ශනයක් පිලිබඳ නඩුවේ තීන්දුව 2020.06.12 දින , චුදිත එනම් විදුලි බල මණ්ඩලයේ රත්නපුර කාර්යාලයේ සැපයුම් සහකාර විජේකෝන් මුදියන්සේලාගේ සුමනසේකර යන නිලධාරියා වරද කරු කර ප්‍රකාශයට පත් කරන ලදී.

චූදිත ට විරුද්ධව අල්ලස් කොමිෂන් සභාව විසින් පවරන ලද නඩුවේ චෝදනාව වූයේ තම අදායමට වඩා මිලියන හයකට ආසන්න වත්කම්, අල්ලස් මඟින් රැස්කර තිබීමයි. ඒ අනුව වරදකරුවීම හේතුවෙන් ඉහත නම් සඳහන් චුදිතට වසර 05 ක බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියම කරන ලදී. එයට අමතර රු. 5,000.00 ක දඩ මුදලක් හෝ එය නොගෙන්නේ නම් මාස 03 ක ලිහිල් සිරදඩුවම් නියම කරන ලදී.

තවද අල්ලස් පනතේ 26(ආ) වගන්තිය යටතේ අල්ලස් වශයෙන් ලබාගත් මුදල මෙන් දෙගුණයක මුදලක් වන රු. 11,960,093.98 ක මුදලක් ද දඩ ලෙස නියම කල අතර එය නොගෙවන්නේ නම් බරපතල වැඩ ඇතිව දෙවසරක සිරදඩුවම්ද නියම කරන ලදී.

තවද චූදිතට විවෘත වරෙන්තු නියම කල අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත දන්වා යැවීමට කොළඹ මහාධිකරණ අංක 6 ගරු විනිසුරු පටබැඳිගේ මැතිතුමා විසින් නියම කල අතර මෙම පැමිණිල්ල මෙහෙයවීම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංජනී සෙනෙවිරත්න මහත්මිය විසින් සිදුකරන ලදී. විමර්ශන සිඳු කරන ලද්දේ ස්ථානාධිපති වත්කම් විමර්ශන විසිනි.

Case 15 06 2020

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search