හිටපු හෝමාගම දිසා/මහේස්ත්‍රාත් විනිසුරු වූ හේරත් පතිරණලාගේ සුනිල් වික්‍රම අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක වූ පොලිස් කොස්තාපල් 65305 මොහොප්පු ගමගේ මහින්ද කිත්සිරිට වසර 04 බැගින් වසර 16ක සිර දඩුවම්

හෝමාගම දිසා/මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 13774 විශේෂ නඩුවේ පාර්ශවයක් වූ කැලණියගේ දීපිකා ශ්‍යාමලී ජයවීර යන අයට පක්‍ෂග්‍රාහී තීන්දුවක් ලබාදීම සඳහා පෙළඹවීමක් හෝ ත්‍යාගයක් වශයෙන් රුපියල් ලක්ෂ තුනක  මුදලක් එකී තැනැත්තියගෙන්  අයදිම, භාරගැනීම, කුමන්ත්‍රණය කිරීම සහ අනුබල දීමේ චෝදනාවන්ට මෙම නඩුවේ 01 වන චුදිත වූ හිටපු හෝමාගම දිසා/මහේස්ත්‍රාත් වූ හේරත් පතිරණලාගේ සුනිල් වික්‍රම අබේසිංහ සහ ඉහත 01 වන චුදිත ගේ පෞද්ගලික ආරක්ෂක වූ මෙම නඩුවේ දෙවන චුදිත වන පොලිස් කොස්තාපල්  65303 මොහොප්පු ගමගේ මහින්ද කිත්සිරි යන චුදිතයන්ට 2020.02.20 වන අද දින කොළඹ මහධිකරන ගරු විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් සියලු චෝදනාවන්ට වරද කරුවන් කරන ලදී.ඒ අනුව පලවන චුදිතට 01.,02,04 සහ 05 යන චෝදනාවන්ට වෙන්වෙන්ව වසර 04 බැගින් බරපතලවස්ද සහිතව වූ වසර 16 කසිර දඩුවම් නියම කරන ලදී. ඊට අමතරව එක් චෝදනාවකට 5000 බැගින් චෝදනා 04 කට රුපියල් 20000 ක දඩ මුදලක් නියම කරන ලද අතර එය නොගෙවන්නේ නම් වසර 01 ක බැගින් බරපතල වැඩ සහිත වූ සිර දඩුවම්නියම කරන ලදී. එසේම අල්ලස් පනතේ 26 වන වගන්තිය අනුව අල්ලස් වශයෙන් ලබා ගන්නා ලද රුපියල් ලක්ෂ තුනක මුදල දණ්ඩනයක් වශයෙන් නියම කරන ලදී. එය නොගෙවන්නේ නම් වසර දෙකක බරපතල වැඩ සහිත වූ දඩුවම් නියම කරන ලදී.



02 වන චුදිතට 01,03,04 සහ 06 යන චෝදනාවන්ට වෙන්වෙන්ව වසර 04 බැගින් බරපතල වැඩ සහිත වූ වසර 16ක් සිර දඩුවම් නියම කරන ලදී.ඊට අමතරව එක් චෝදනාවකට රු 5000 බැගින් චෝදනා 04 ට රු.20000 ක දඩ මුදලක් නියම කරන ලද අතර එය නොගෙවන්නේ නම් වසර 01 බැගින් බරපතල වැඩ සහිත වූ සිර දඩුවම් නියම කරන ලදී. එසේම අල්ලස් පනතේ 26 වන වගන්තිය අනුව අල්ලස් වශයෙන් ලබාගන්නා ලද රුපියල් ලක්ෂ තුනක මුදල දණ්ඩනයක් වශයෙන් නියම කරන ලදී. එය නොගෙවන්නේ නම් වසර 02 ක බරපතල වැඩ සහිත වූ සිර දඬුවම් නියම කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search