හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනගේ වර්තමාන බිරිඳට රු. හයලක්‍ෂ තිස්පන්දහසක් බැගින් වටානාකමින් යුතු වාහන 03ක් සඳහා රු. නවලක්‍ෂ හැටදහස බැඟින් බදු අත්තිකාරම් ගෙව්වාට වසර 03ක සිර දඬුවම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන යන අය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමේදී ඔහුගේ වර්තමාන බිරිඳගෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගැනීමේදී රැපියල් හයලක්‍ෂ තිස්පන්දහසක් බැගින් වටානකමින් යුතු වාහන 03ක් සඳහා රුපියල් නවලක්‍ෂ හැටදහස බැඟින් බදු අත්තිකාරම් ගෙවීමට සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ නිළධාරීන් පෙළඹවීමෙන් දූෂණය නැමැති වරද සිදු කළ බවට සරණ ගුණවර්ධනට චෝදනා නගා තිබිණි.

ගරු අධිකරණය විසින් නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.එහිදී සරණ ගුණවර්ධනට එරෙහිව නගා තිබූ චෝදනා 03ටම ඔහු වරදකරු කරන ලදී.එක් එක් චෝදනාවට වසර 01 බැගින් චෝදන‍ා 03ටම වසර 03ක සිර දඬුවමක් නියම කරන ලදී.මේ එක් එක් චෝදනාවට රුපියල් ලක්‍ෂය බැඟින් වාහන 03 සඳහා ලක්‍ෂ 03ක දඩ මුදලක් නියම කරන ලදී.දඩ නොගෙවන්නේ නම් එක් එක් වරදට මාස 06 බැඟින් සිර දඬුවම් නියම කරන ලදී.

පැමිණිල්ල මෙහෙයවනු ලැබූයේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනී විසිනි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search