අරලගන්විල පොලීසියේ උප පොලිස් පරික්‍ෂකවරයෙකුට වසර 28ක පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 21ක බරපතල වැඩ සහිත සිර දඩුවම්

ගෝන මස් සන්තකයේ තබා ගැනීමට විරුද්ධව නීතිමය පියවර ගැනීමෙන් වැලකී සිටීමට අරලගන්විල හෝටල් හිමියෙකුගෙන් 2009 වසරේදී රු.10,000/- අල්ලසක් ඉල්ලා එය ලබාගත් අරලගන්විල පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්‍ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු අදාල වැරදි සම්බන්ධව වරදකරුවන් බවට පත්කරන ලදී.


කොළඹ මහාධිකරණ අංක 2 ගරු විනිසුරු ශෂී මහේන්ද්‍ර‍න් මහතා 2019 ජනවාරි 9 වන දින තීන්දුව ලබා දෙමින් උප පොලිස් පරික්‍ෂකට විරුද්ධව ඉදිරිපත්කර තිබූ චෝදනා 4ට එක් චෝදනාවට වසර 7බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රු.5,000/- බැගින් දඩ නියම කරන ලද අතර පොලිස් කොස්තාපල්වරයාට විරුද්ධව ඉදිරිපත්කර තිබූ චෝදනා 3ට එක් චෝදනාවට වසර 7බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රු.5,000/- බැගින් දඩ නියම කරන ලදී.
ඒ අනුව, උප පොලිස් පරික්‍ෂකට සම්පූර්ණ වසර 28ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රු.20,000/- දඩයක්ද, පොලිස් කොස්තාපල්ට වසර 21ක බරපතල වැඩ සහිත සිර දඩුවම්හා රු15,000/- ක දඩයක්ද කොළඹ මහාධිකරණය විසින් නියමකර ඇත.
මෙම නඩුව මෙහෙයවීම සහකාර අධ්‍යක්‍ෂ සකිත වික්‍රමරත්න මහතා විසින් සිදුකරන ලදී.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search