ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා 2023 දෙසැම්බර් මස 21 දිනැතිව නව සාමාජිකයන් පත්කරන ලදී.
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා 2023 දෙසැම්බර් මස 21 දිනැතිව නව සාමාජිකයන් පත්කරන ලදී.
කළුතර දිසා අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයකු 2023.12.05 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
කඳාන පොලිස්ථානයේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් ලෙස රුපියල් හැත්තෑපන්දහසක (රු.75,000/=) මුදලක් ලබාගැනීමේ චෝදනාව මත 2023.11.30 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී,
කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන ලැබූ උප පොලිස් පරීක්ෂකවරයකු ලිංගික අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත 2023.11.22 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සහ තවත් අතරමැදියන් දෙදෙනෙකු 2023.11.10 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව රු. 50,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මොරාන බීට්ටු වන කාර්යාලයේ සේවය කරනු ලබන බීට්ටු වන නිලධාරියකු 2023.11.09 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 80,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ හිටපු ක්‍රීඩා අධීක්ෂණ නිලධාරියකු 2023.10.05 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ලෙස මුදල් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය -නොච්චියාගම ඒකක වැඩබලන ඒකක කළමණාකරු2023.09.20 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.
පදවිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනපද නිලධාරී 2023.08.25 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී, පදවිය, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන පැමිණිලිකාරියට හිමි පදවිය පාදේශිය ලේකම් කොට්ඨාශයේ ස්වර්ණභූමි ඔප්පුවක අයිතිය පැමිණිලිකාරියගේ ඥාතියකු වෙත පැවරීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් 25000/- ක (විසිපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී පදවිය - ශ්‍රී පුර ජනපද නිලධාරි කාර්යාලය තුලදී අත්අඩංගුවට ගන්නා ලදි.
අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 5000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, මතුගම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ සේවය කරනු ලබන කාර්මික නිලධාරියකු 2023.08.25 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ දියසෙන්පුර උප ඩිපෝවේ ස්ථානභාර නිලධාරි 2023.08.24 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින. දියසෙන්පුර උප ඩිපෝවේ කොන්දොස්තරවරයකු වන පැමිණිලිකරුට විරුද්ධව ඔහු විසින් සමරි ටිකට් මගීන්ට නිකුත් කිරීම සම්බන්ධව ගොනු කර ඇති චෝදනා පත්‍රයට අදාලව පවත්වනු ලබන විනය පරීක්ෂණයේදී උසස් නිලධාරීන් මගින් පැමිණිලිකරුට වාසි වන සේ අඩු දඩුවමක් ලැබෙන ආකාරයට විනය පරීක්ෂණය සිදු කිරීමට උදව් කිරීම හා සැකකරුගේ සාක්ෂිය පැමිණිලිකරුට වාසි වන සේ ලබා දීම සදහා සැකකරු විසින් මුලින් රුපියල් 20,000.00ක් (විසිදහසක්) අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන පසුව නැවත රුපියල් 60,000.00 (හැටදහසක) මුදලක් අල්ලස් වශයෙන් අයදින අවස්ථාවේදී හිගුරක්ගොඩ මැදිරිගිරිය මාර්ගයේ දිවුලන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද වැටලීම් රාජකාරියේදී, අල්ලස් වශයෙන් මුදල් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත තෙල්දෙනිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරයෙකු හා ඒ සදහා ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු 2023.08.22 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954