රුපියල් 15,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, වත්තල පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව, රුපියල් 15,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාව මත, වත්තල පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු 2022.03.21 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පැමිණිලිකරු විසින් පවත්වාගෙන යනු ලබන, පැරණි යකඩ මිලදී ගෙන අලෙවි කරන ව්‍යාපාරයේ සොර බඩු මිලදී ගෙන විකුණන බව පවසා, ඒ සඳහා නීති මගින් කටයුතු නොකර, අදාළ ව්‍යාපාරය කරදරයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ සලසා දීම වෙනුවෙන් රු.15,000 ක මුදල ලබා ගන්නා අවස්ථාවේදී හැඳල, බලගලවත්ත සුරුවම අසලදී මෙලෙස අත්අඩංගුවට පත් විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search