රුපියල් 30,000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, ඉලවාලි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව, රුපියල් 30,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එම මුදල ලබා ගැනීමේ චෝදනාව මත, යාපනය ඉලවාලි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු 2022.04.05 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සොර බඩු ලඟ තබාගත් වරදට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලැබුණු සැකකරුවකු හට ඉදිරි නඩු වාර වලදී සැකකරුවකු ලෙස නම් නොකර, රජයේ සාක්‍ෂිකරුවකු ලෙස ඉදිරිපත් කිරීම සඳහා අදාළ පොලිස් නිළධාරියා විසින් මුලින් රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා, පසුව එම මුදල රු.30,000 දක්වා අඩු කර ඇත.

එම රුපියල් 30,000/= ක මුදල අල්ලස් වශයෙන් ලබා ගන්නා අවස්ථාවේදී කරෙයිනගර් පාරේ චුලිපුරම් හන්දිය අසලදී සැකකරු මෙලෙස අත්අඩංගුවට පත් විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search