රුපියල් 3000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, රාගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව, රුපියල් 3000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, රාගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු 2022.03.31 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 

පැමිණිලිකරු විසින් වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථයක් ධාවනය කිරීමේ වරදට සහ අන්සතු රියදුරු බලපත්‍රයක් ලඟ තබාගෙන සිටීම වෙනුවෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට හා භාරයට ගත් මුදල් පසුම්බිය, රක්‍ෂණ සහතිකය, ආදායම් බලපත්‍රය ආදිය පැමිණිලිකරුට ආපසු ලබා දීම වෙනුවෙන් රුපියල් 20,000/= ක මුදලක් අදාළ පොලිස් නිළධාරියා විසින් අල්ලස් ලෙස ඉල්ලා ඇත.

එම මුදලින් රුපියල් 3000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී රාගම පොලිස් ස්ථානය තුළදී සැකකරු මෙලෙස අත්අඩංගුවට පත් විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search