වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නව විධිවිධාන සම්බන්ධව දැනුවත් කිරීම

2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ 80 වන වගන්තිය මඟින් මගින් නිළධාරී/පුද්ගල කාණ්ඩ ගණනාවක් විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය දක්වා ඇති අතර, ඒ සම්බන්ධ නව ප්‍රවනතාවයන් සහ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ ආකෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 20 වන දින පෙ.ව. 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.

මෙම වැඩමුළුව සඳහා ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, රේඛීය අමාත්‍යාංශ, කොමිෂන් සභා සහ පළාත් ආණ්ඩුකාර කාර්යාල ඇතුළු ආයතන නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් ඇතුළු නිළධාරීන් 125 දෙනෙකු පමණ සහභාගී විය. කොමිෂන් සභාවේ සභාපති ඩබ්.එම්.එන්.පී. ඉද්දවල මැතිතුමා, කොමසාරිස් කේ.බී. රාජපක්ෂ මැතිතුමා සහ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.ඒ.දිසානායක මැතිතුමා ඇතුළු නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව තුළ 2025 වර්ෂයේදී වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සම්බන්ධව හඳුන්වාදී ඇති රෙගුලාසි පිළිබඳව සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙන්ම 2026 වර්ෂයේ සිට මාර්ගගතව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට අදාල සැලසුම් පිළිබඳවද දැනුවත් කරන ලදි.

0322 1

0322 1

0322 1

0322 1

0322 1

0322 1

0322 1

0322 1

0322 1

0322 1

0322 1

0322 1

0322 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search