2025.03.04 දින කොළඹ දී.
ශ්‍රී ලංකා ජපන් තානාපති අකියෝ ඉසොමාටා මැතිතුමන් සහ පිරිස 2025 මාර්තු 04 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා සභාපති, විනිසුරු ගරු ඩබ්. එම්. එන්. පී ඉද්දවල මැතිතුමන් කොමිෂන් සභා කාර්යාලයේ දී හමු විය. එහි දී, පෙ.ව. 11.00 ට දෙපිරිස අතර සාකච්ඡා ආරම්භ වූ අතර, එය ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්න සඳහා ජපන් රජය විසින් දැනට ලබා දෙන සහයයන් හා ඉදිරියේ දී ලබා දෙන සහයයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විනි.
මෙම සාකච්ඡා සඳහා අල්ලස් කොමිෂන් සභා කොමසාරිස්, කේ. බී. රාජපක්ෂ මැතිතුමන් ද සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්න සඳහා අඛණ්ඩව සහය ලබා ගැනීම සම්බන්ධයෙන් හා මෙරට ආර්ථික වර්ධනය ලඟා කර ගැනීමේ දී ආයෝජකයන් ගේ කාර්යභාරය සම්බන්ධයෙන් එතුමන් සාකච්ඡා කරන ලදි.
ජපන් රජයේ පූර්ණ සහය ශ්‍රී ලංකාවේ පාලනය සහ දූෂණ විරෝධී වැඩපිලිවෙල සඳහා, විශේෂයෙන් ම, විදේශ ආයෝජකයින් අප රටට ආකර්ශණය කර ගැනීම සඳහා ලබා දෙන බවට ඉසොමාටා මැතිතුමන් එහි දී ප්‍රකාශ කලේය. රටේ සංවර්ධනයට අතිශයින් වැදගත් වන විදේශීය ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සඳහා විනිවිදබව සහිත දුෂණයෙන් තොර වටාපිටාවක් තිබීමේ වැදගත්කම ජපන් තානාපති ඉසෝමාටා මැතිතුමන් අවධාරණය කලේය.
ආයෝජකයින්ට මුහුණ පෑමට සිදු වන අභියෝග සම්බන්ධයෙන්, විශේෂයෙන් ම, ආයෝජන ව්‍යාපෘතිවල දුෂණයට අදාල ව පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහි දී අල්ලස් කොමිෂන් සභා සභාපති ගරු විනිසුරු ඉද්දවල මැතිතුමන් සිය සංවේදීත්වය ප්‍රකාශ කලේය. එසේ ම, ආයෝජන ව්‍යාපෘතිවල දුෂණය හා සම්බන්ධ ඕනෑ ම ගැටළුවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පූර්ණ ව විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට එතුමා ජපන් තානාපතිතුමන්ට සහතික විය.
ආයතනික රාමු සවිමත් කිරීමට අදාල ව හා පාලනයේ දී යහපරිච භාවිතය ප්‍රවර්ධනය කිරීම හා විනිවිදභාවය පවත්වා ගැනීමට අදාල ව දෙරට අතර අනාගත සහයෝගීතාව සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කරන ලදි. මේ හා සම්බන්ධයෙන් සාකච්ඡා වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිලිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගත් 2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම හා ක්‍රියාවට නැංවීමයි.
සුපිලිපන්නබවට අදාල ව හා දුෂණ විරෝධී පියවරවලට අදාල ව ඉහළ ම ප්‍රමිතීන් ආරක්ෂා කෙරෙන, ආයෝජකයින්ට ආකර්ශණීය ස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වන බව තහවුරු කිරීම සඳහා දෙපාර්ශවයේ ම කැපවීම මෙම සාකච්ඡාවේ දී පිළිබිඹු විය. තිරසර ආර්ථික වර්ධනයක් අප රටට ළඟා කර ගැනීම සඳහා සවිමත් වටපිටාවක් සකස් කර දීමට සමීප ව කටයුතු කිරීමේ අභිලාශය දෙපාර්ශවය විසින් ම ප්‍රකාශ කරන ලදි.
සංවර්ධනය , පාලනය හා දූෂණ විරෝධී වැඩපිලිවෙල සඳහා අන්‍යෝන්‍ය බැඳීම වැඩිදියුණු කිරීමට ජපන් රජය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජතාන්ත්‍රික මෙන් ම මිත්‍රශීලී ප්‍රයත්නය මෙම හමුව තුලින් පෙන්වා දෙනු ලබයි. තිරසර ආර්ථික වර්ධනයක් අප රටට ළඟා කර ගැනීම සඳහා සවිමත් වටපිටාවක් සකස් කර දීමට සමීප ව කටයුතු කිරීමේ අභිලාශය දෙපාර්ශවය විසින් ම ප්‍රකාශ කරන ලදි.