කොළඹ, අළුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ සන්තකයේ තිබූ විදෙස් රටවල සිට මෙරටට රැගෙන ආ කිලෝ ග්‍රෑම් එකකට ආසන්න බරකින් යුත් කෝටි එකහමාරක් පමණ වටිනා රන් මාල 10ක් අත්අඩංගුවට ගෙන ඊට අදාළව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා අල්ලස් වශයෙන් රු.2,5000,000/= (රුපියල් ලක්ෂ විසිපහක) ක පමණ මුදලක් ඉල්ලා ලබාගත් ගුවන් තොටුපල පොලිස්ථානයේ, පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පැවරීමක් සිදු කර ඇත.
ඒ අනුව, නඩු අංක HCB/360/2025 යටතේ 2025.02.25 වන දින මෙම පුද්ගලයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.