සිවිල් විමර්ශන නිලධාරි තනතුරට බඳවා ගැනීම අවලංගු කිරීම

1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා සිවිල් විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමට 2018.10.27 දින විවෘත තරඟ විභාගයක් සහ 2019.07.04 දින ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වන ලදී. එවකට රටේ පැවති කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සහ අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සිවිල් විමර්ශන නිලධාරී තනතුරු 200ක් යටපත් කිරීමට ගෙන තිබූ තීරණය නිසා, රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටු නිර්දේශ මත , එම බඳවා ගැනීම් අවලංගු කිරීමට සිදුවිය.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත 2023 සැප්තැම්බර් 15 දින සිට බලාත්මක වන බැවින් එම පනතේ 26 වගන්තිය යටතේ නව බඳවා ගැනීම් සිදු කළ යුතුව ඇත. එබැවින් 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ බඳවා ගැනීමට අනුමත වී තිබූ සිවිල් විමර්ශන නිලධාරී තනතුර සඳහා වන බඳවා ගැනීම් සිදු කිරීමට මේවන විට නෛතික බාධාවක් පවතින බැවින් එම බඳවා ගැනීම සිදු කළ නොහැකි බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search